Enrolment options

Database Management Systems & SQL (Sinhala Medium)

SuhuruSara වෙතින් පිරිනමනු ලබන Database Management Systems & SQL පාඨමාලාව database ක්ෂේත්‍රයට පිවිසීමට කැමති ආරම්භකයින්, උසස් අධ්‍යාපන සිසුන්, IT ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන අය සහ වෘත්තීය දැනුම වැඩිදියුණු කිරීමට කැමති අය සඳහා විශේෂයෙන් සැලසුම් කර ඇත. Database concepts සහ SQL භාවිතා කරමින් data management, table creation, data retrieval සහ database design සරලව හා පියවරෙන් පියවර ඉගෙන ගැනීමට මෙම පාඨමාලාව උපකාරී වේ.

මෙම පාඨමාලාව හරහා තාර්කික සිතීම, data organization, problem solving skills සහ වර්තමාන IT ක්ෂේත්‍රයට අවශ්‍ය database හා SQL දැනුම ලබාගත හැකි අතර, software development, business systems සහ data-related careers සඳහා මූලික පදනමක් ගොඩනඟා ගත හැකියි.

ඔබට කැමති ඕනෑම දිනයක, ඕනෑම වේලාවක පාඨමාලාව ආරම්භ කළ හැකි අතර, ඔබේ පහසුව අනුව පාඩම් අධ්‍යයනය කළ හැකියි. සාර්ථකව පාඨමාලාව සම්පූර්ණ කරන ඔබට වටිනා සහතික පත්‍රයක් ද හිමි වේ.

පාඨමාලා නියමයන්

  • ලියාපදිංචි වූ දින සිට දින 60ක් ඇතුළත සියලු පාඩම්, Quizzes සහ Assignments සම්පූර්ණ කළ යුතුය.
  • නියමිත කාලය තුළ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන ඉගෙනුම්කරුවන්ට පමණක් සහතික පත්‍රය හිමිවේ.

උපදේශක
මෙම පාඨමාලාව උත්පලානි කවිසේකර මෙනවිය ඇතුළු SuhuruSara කණ්ඩායම විසින්, ආරම්භකයින්ට පහසුවෙන් ඉගෙන ගත හැකි ආකාරයට සැලසුම් කර ඇත. පාඨමාලා අන්තර්ගතය වර්තමාන IT කර්මාන්ත අවශ්‍යතා සහ ප්‍රායෝගික ඉගෙනුම් අත්දැකීම් සැලකිල්ලට ගනිමින් සකස් කර ඇත.

සහය හා සම්බන්ධතා
පාඨමාලාවට අදාළ ගැටලු හෝ විමසීම් තිබේ නම්, WhatsApp පණිවිඩයක් හරහා අප වෙත යොමු කරන්න: 076 296 4455.

Self enrolment (Student)
Self enrolment (Student)