Enrolment options

Fundamentals of Computer Networking

Fundamentals of Computer Networking Networking course

Course modified date: 14 October 2026

SuhuruSara වෙතින් පිරිනමනු ලබන Fundamentals of Computer Networking පාඨමාලාව පරිගණක ජාලකරණය (Computer Networking) සහ IT ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන නවකයින් සඳහා විශේෂයෙන් සැලසුම් කර ඇත. පරිගණක ජාලකරණයේ මූලික සංකල්ප, IP Addressing, Protocols, Network Security සහ Troubleshooting සරලව හා පියවරෙන් පියවර ඉගෙන ගැනීමට මෙම පාඨමාලාව උපකාරී වේ.

මෙම පාඨමාලාව හරහා පරිගණක ජාල ක්‍රියාත්මක වන ආකාරය, ජාල උපාංග, දත්ත හුවමාරු වන ආකාරය පිළිබඳ තාක්ෂණික අවබෝධය, Network Troubleshooting හැකියාව සහ ඉදිරි System Administration, Cyber Security හෝ Cloud Computing වැනි IT පාඨමාලා සඳහා අවශ්‍ය මූලික පදනම ගොඩනඟා ගත හැකි වේ.

ඔබට කැමති ඕනෑම දිනයක, ඕනෑම වේලාවක පාඨමාලාව ආරම්භ කළ හැකි අතර, ඔබේ පහසුව අනුව පාඩම් අධ්‍යයනය කළ හැකියි. සාර්ථකව පාඨමාලාව සම්පූර්ණ කරන ඔබට වටිනා සහතික පත්‍රයක් ද හිමි වේ.

පාඨමාලා නියමයන්

  • සියලු පාඩම්, Activities, Quizzes සහ Final Test සම්පූර්ණ කළ යුතුය.
  • නියමිත කාලය තුළ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන ඉගෙනුම්කරුවන්ට පමණක් සහතික පත්‍රය හිමිවේ.

උපදේශක
මෙම පාඨමාලාව තිලෝකා සම්මානි මහත්මියගේ විෂය ක්ෂේත්‍ර විශේෂඥ දායකත්වය ඇතුව, SuhuruSara කණ්ඩායම විසින්, ආරම්භකයින්ට පහසුවෙන් ඉගෙන ගත හැකි ආකාරයට සැලසුම් කර ඇත. පාඨමාලා අන්තර්ගතය වර්තමාන IT කර්මාන්ත අවශ්‍යතා සහ ප්‍රායෝගික ඉගෙනුම් අත්දැකීම් සැලකිල්ලට ගනිමින් සකස් කර ඇත.

සහය හා සම්බන්ධතා
පාඨමාලාවට අදාළ ගැටලු හෝ විමසීම් තිබේ නම්, WhatsApp පණිවිඩයක් හරහා අප වෙත යොමු කරන්න: 076 296 4455.

මෙම පාඨමාලාව සහ පාඨමාලා අධ්‍යයන සහය, සුහුරුසර වෙතින් නොමිලයේ ලබාදෙන බව කරුණාවෙන් සලකන්න.

Please log in or create your free account to start this course.